අපේ දැක්ම

“ආරක්ෂිතව, අඛණ්ඩව, පෝෂ්‍යදායී ධාන්‍යමය ආහාර සෑම නිවසකටම.”

අපගේ මෙහෙවර

“ධාන්‍යමය ආහාර ද්‍රව්‍යයන්හි වෙළඳපොළ සුලභතාව පාරිභෝගිකයාට ළඟා වීමේ පහසුව සහ පාරිභෝගික මිලදී ගැනීමේ හැකියාව සුරක්ෂිත කිරීම උදෙසා ආහාර දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පාර්ශව දෙපාර්තමේන්තුව සතු වත්කම් සහ කාර්යක්ෂමවූත් කැපවූත් සේවක සමුහයා සමඟ මනා ලෙස සම්බන්ධීකරණය මගින් ආහාර දෙපාර්තමේන්තුවේ දැක්ම සාක්ෂාත් කර ගැනීම.”

කොමසාරිස්ගේ පණිවිඩය

මහත්මිය. ජේ. ක්‍රිෂ්ණමූර්ති

ශ්‍රී ලංකා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට මා ඔබව පිළිගැනීම සතුටට කරුණකි.

මහත්මිය.
මහත්මිය.

ආහාර දෙපාර්තමේන්තුවේ ඉතිහාසය

දෙවන වතාවටත් වෙඩි බෙහෙත් දුමාරයෙන් මුළු ලොවම වැසීගත් කාල වකවානුවෙහි සෑම රටක්ම පාහේ මුහුණදුන් පීඩනය ලංකාවේ අභ්‍යන්තර හා බාහිර කටයුතු කෙරෙහි ද බලපාන්නට විය. එයින් රටතුල පැවති වෙළඳාම අවිධිමත් විය.ආහාර බෙදා හැරීම රටපුරා සමානුපාතික අන්දමින් පවත්වාගෙන යාමට බාධා පැමිණුනි. ඒ හේතුවෙන් එම වකවානුව තුල ලංකාවාසී ජනතාව තම ආහාර සපයා ගැනීම පිළිබඳ විශාල ගැටළුවකට මුහුණ දෙමින් සිටියහ. මෙම පීඩනයෙන් ජනතාව මුදවා ගනු පිණිස රටපුරා සුගම අන්දමින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පැන නැගුණු ගැටලු වලට විසඳුම් සෙවීමට පාලකයෝ යුහුසුළු වුහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වසර 1941හි දී පාරිභෝගික අධිකාරිය නම් වූ ආයතනය බිහි කිරීමට කටයුතු කරනු ලැබූ රාජ්‍ය පාලකයන් විසින් ආහාර බෙදාහැරීම අඛණ්ඩවත්, සාධාරණවත් සිදුකිරීමේ වගකීම හා ඒවායෙහි මිළ නියම කිරීම පිළිබඳ බලය, එම ආයතනය වෙත පවරන ලදී. එකී ආයතනය විසින් වසරකට ආසන්න කාලයක් මෙම කටයුත්ත ඉටුකරන ලද අතර එහි සුගමතාව පිළිබඳ ලත් අත්දැකීම් ආශ‍්‍රයෙන් මෙම කටයුත්ත සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම තුලින් දිගු කාලයක් පුරා මෙකී අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂාවෙන්, 1942 වර්ෂයේදී ආහාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කොට පාරිභෝගික අධිකාරිය සතුව තිබූ ආහාර ද්‍රව්‍ය ආනයන කිරීම, ගබඩා කිරීම, හා මිල නියම කිරීම පිළිබඳ බල අධිකාරිය ආහාර දෙපාර්තමේන්තුවට පවරාදී ඉහත කී අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් රාජ්‍ය නියෝජිතත්වය ලබාදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 1942 වර්ෂය ආහාර දෙපාර්තමේන්තුවේ සමාරම්භක වසර විය. දෙපාර්තමේන්තු ප‍්‍රධානියා ආහාර කොමසාරිස්වරයා විය. එවකට ධූරය උසුලන ලද ආහාර කොමසාරිස් වරයා විසින් 1943 වසර වන තෙක් පාරිභෝගික අධිකාරිය විසින් ක‍්‍රියාත්මක කරන ලද කාර්යයන් මැනවින් පවත්වාගෙන යමින් රටපුරා ආහාර බෙදාහැරීම සම්බන්ධයෙන් පැවැති ගැටලු සහගත තත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කරනු ලැබිණි. 1943 වර්ෂයේදී එවකට පැවති රජය විසින් ලංකාවාසී සියලු දෙනා වෙත රජයේ ප‍්‍රතිදානයක් ලෙස සහල් සලාකයක් ලබාදීමේ තීරණය අනුව ආරම්භ කරන ලද සහල් සලාක පත් නිකුත් කිරීමේ සහ ඒ සඳහා අවශ්‍ය සහල් සැපයීමේ කටයුතු ආහාර දෙපාර්තමේන්තුව වෙත පවරන ලදී. මෙහිදී රටේ සෑම පුරවැසියකු වෙතම සහල් සලාක පතක හිමිකම ලබාදුන් අතර, එම සලාක පත‍්‍රයට හිමි සහල් පාරිභෝගිකයා වෙත ලබාදීමේ නියෝජිතයා වශයෙන් විවිධ සේවා සමූපකාර සමිති පත් කර ගැනීමට කටයුතු කරන ලදී. මූලික වශයෙන් සහල් සඳහා පමණක් සලාක පත් ලබාදුන් අතර, පසුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා සලාක පත් නිකුත් කිරීම දක්වා එම මෙහෙවර පුළුල් විය.

1943-1979 දක්වා පැවැති සෑම රජයක් විසින්ම මෙම ප‍්‍රතිදානය ජනතාව වෙත ලබාදෙන ලද අතර මෙම කාලය පුරා ආහාර දෙපාර්තමේන්තුව විසින් රටෙහි ජනතාව වෙත වසරින් වසර මෙම සලාක පත් නිකුත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් වූ මෙහෙවර අති සාර්ථක අයුරින් සිදු කරනු ලැබිණි.  සලාකපත් වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා විදේශයන්ගෙන් ගෙන්විය යුතු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම, ගබඩා කිරීම, දෙපාර්තමේන්තුව සතු දිස්ත‍්‍රික් ගබඩා වෙත බෙදාහැරීම ආදී සියළු කටයුතු ආහාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද අතර, මේ සඳහා අවශ්‍ය වූ වරාය ගුදම් හා ගුදම් වල සිට ගෙන එනු ලබන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ප‍්‍රමාණවත් ගබඩා සංකීර්ණද, ප‍්‍රාදේශීය බෙදාහැරීම් කටයුතු සඳහා දිස්ත‍්‍රික් ගබඩා සෑම දිස්ත‍්‍රික්කයක් තුළම ප‍්‍රමාණවත් අන්දමින් පවත්වා ගෙන යන ලදී.මේ සඳහා යොදාගත් ගබඩාවන් අතරට දෙවන ලෝක සංග‍්‍රාමය පැවති අවධියේ එම යුධ අවශ්‍යතාවන් උදෙසා විවිධ වූ අවශ්‍යතාවන් සඳහා භාවිතයට ගනු පිණිස විදේශිකයින් විසින් තනන ලද ගොඩනැගිලි, ප‍්‍රතිසංස්කරණය කොට තම ගබඩාවන් ලෙස යොදා ගන්නා ලද අතර, අද වන විටද එම ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සතු ගබඩා වශයෙන් භාවිතයට ගනු ලැබේ. විශාල ධාරිතාවකින් යුතු වූත්, දිවයින පුරා විහිදුනු ගබඩා ජාලයකින් සමන්විත වූත්, මෙම දෙපාර්තමේන්තුව විශේෂිත වූ හා අත්‍යාවශ්‍ය කාර්යභාරයක නියැලෙමින් දිවයින පුරා ව්‍යාප්තවූ සේවාවක් ලබාදෙමින් තම මෙහෙවර තුලින් කැපී පෙනෙන ස්ථරයකට පත්වන්නට සමත් වී තිබුනි. එසේම සෑම පළාතක් තුළම තම පරිපාලනය නිසි අයුරින් පවත්වාගෙන යාමේ අපේක්ෂාව පෙරදැරි කොටගෙන එම පළාත් වල දිසාපතිවරුන් සෘජුවම ආහාර කොමසාරිස් වරයාගේ පරිපාලන කටයුතු සඳහා දායක කර ගනිමින් දෙපාර්තමේන්තුවේ මෙහෙවර සාධනීය කර ගැනීම කටයුතු කර තිබේ. ඒ අනුව රටෙහි මූලික අවශ්‍යතාවයක් වූ ආහාර සම්පාදනය පුළුල් පරාසයක් තුල ක‍්‍රියාත්මක කරමින් දරණ ලද වගකීම මත, රටේ ප‍්‍රමුඛ පෙළේ දෙපාර්තමේන්තුවක් බවට පත්වීමටත්, ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස ශ්‍රේණි ගතවීමටත් ඉඩ ප‍්‍රස්ථාව සැලසී ඇත.

මේ වන විට රටෙහි ජනගහන වර්ධන වේගයේ සීග‍්‍රතාවත් වාසී ජනගහනය විශාල වීමත් නිසා සියලුම ජනතාව වෙත නොමිලයේ ආහාර සලාකය ලබාදෙමින් අනිකුත් වැය ශීර්ෂයන් පවත්වාගෙන යාම දුෂ්කර කර්තව්‍යයක් වූ බැවින් හා පූර්ණ දරිද්‍රතාවයෙන් යුත් පුද්ගලයන්ට මෙන්ම සැලකිය යුතු ආර්ථික ශක්තියකින් හෙබි ඉහළ ආදායම්ලාභී පුද්ගලයින් වෙත මෙවැන්නක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොපවතින බව වටහාගත් රජය, වසර තුලදී එතෙක් පැවති සහල් සළාක පොත් ක‍්‍රමය ඉවත් කොට ඒ වෙනුවට දිළිඳු සහන මුද්දර ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් සළාකපත් නිකුත් කිරීම සඳහා දෙපාර්තමේන්තුව වෙත තිබූ බලතල දිළිඳු සහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට කටයුතු කළ ද, දිළිඳු සහන මුද්දර සඳහා ලබාදිය යුතු ආහාර ද්‍රව්‍ය විවිධ සේවා සමූපකාර සමිති වෙත සැපයීම සහ ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කිරීම තුලින් දෙපාර්තමේන්තුව ආරම්භක අවස්ථාවේදී පැවති අරමුණෙහි තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාව ලැබිණි. මෙසේ ක‍්‍රියාත්මක වෙමින්, 1981 වසරේ ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිතව ඉදිකරන ලද ප‍්‍රීමා පිටි කම්හලෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමග එතෙක් සිදු කරන ලද තිරිඟු පිටි ආනයනය කොට බෙදා හැරීම නවතා දමා ඒ වෙනුවට තිරිඟු ඇට ගෙන්වා ප‍්‍රීමා ඇසුරුම් සංකීර්ණය තුළ පිටි නිෂ්පාදනය කොට එම නිෂ්පාදන බෙදාහැරීමේ ඒකාධිකාරය ආහාර දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන ලදී.

1986 වන විට පිටි බෙදාහැරීමේ කාර්යයට අමතරව, ආහාර හා භූමිතෙල් මුද්දර සඳහා අවශ්‍ය සහල්, පිටි, සීනි, ආදී ආහාර ද්‍රව්‍ය සැපයීමේ කටයුත්ත දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩව කරගෙන යන ලද අතර එම ද්‍රවය සඳහා දෙපාර්තමේන්තුවට අයවිය යුතු මුදල්, දිළිඳු සහන දෙපාර්තමේන්තුව වෙතින් ආහාර දෙපාර්තමේන්තුව වෙත අයකර ගැනීමට කටයුතු කර ඇත.මෙලෙසින් අඩ සිය වසකට ආසන්න කාලයක් රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ හා බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන්, හා රජයේ අරමුණු සාක්ෂාත් කරලීම සඳහා ප‍්‍රමාණවත් වගකීමකින් යුත් පරිපූර්ණ දායකත්වයක් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇත. එවකට පැවති රජයේ ප‍්‍රතිපත්තිමය තීරණයක් මත එතෙක් දෙපාර්තමේන්තුව වෙත පැවැති සීනි හා සහල් ගෙන්වීමේ අධිකාරි බලය පිළිවෙළින්, 1987 හා 1989 වර්ෂයන්හි දී පෞද්ගලික අංශය වෙත පැවරීම හේතුවෙන්, 1986 අගභාගයට එළඹෙත්ම රටවාසී ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය සැපයීමේ ඒකාධිකාරි රාජ්‍ය නියෝජිතයා වූ ආහාර දෙපාර්තමේන්තුව, අකර්මන්‍ය වන තත්වයට පත්වන්නට විය. එනමුදු එක් කාර්ය භාරයක් ගිලිහී යාම සිය අරමුණින් බැහැර වීම සඳහා සාධක කොට නොගත් ආහාර දෙපාර්තමේන්තුව, 1990 වසරේදී සිය අධිකාරිය යටතට බොරැල්ල එලියට් පාරෙහි පිහිටි මුළුතැන්ගෙය හා බේකරි අංශය පවරා ගැනීමටත්, එමගින් බේකරි කර්මාන්තය නගා සිටුවීම සඳහාත්, දේශීය පිටි වර්ග යොදා පාන් නිෂ්පාදනය කිරීමත්, කොළඹ නගරය හා රාජ්‍ය ආයතන සඳහා පිසින ලද ආහාර සැපයීම සඳහාත් මූලිකත්වයක් දී කටයුතු කරනු ලැබ ඇත. මෙකී ක‍්‍රියාකාරිත්වයන් සමග වසර 2000 වන විටත් දිවයින පුරා නිර්බාධිතව, ප‍්‍රීමා පිටි බෙදාහැරීමේ කාර්යය, දෙපාර්තමේන්තුව විසින් සාර්ථක අයුරින් පවත්වාගෙන යන ලදී.නමුත් වසර 20ක ඇවෑමෙන් කම්හලෙහි හිමිකාරත්වය පෞද්ගලික අංශය වෙත ලබාදීම සඳහා රජය විසින් ගත් තීරණය හමුවේ 1981 වසරේ සිට පුරා වසර 20ක් දෙපාර්තමේන්තුව සතුව අඛණ්ඩව පැවති පිටි බෙදාහැරීමේ ඒකාධිකාරය දෙපාර්තමේන්තුවෙන් ගිලිහී යන ලදී.එවන් වූ තත්වයක් අභිමුවෙහි මෙතෙක් දෙපාර්තමේන්තුව සතුව පැවති නිශ්චිත කාර්ය භාරයෙන් මදකට ඉවත්වූ ආහාර දෙපාර්තමේන්තුව තම අරමුණින් බැහැර වීමට ඉඩ නොතබා ආහාර බෙදාහැරීම සම්බන්ධයෙන් රජය විසින් අරමුණු කරනු ලබන කවර හෝ කාර්යයක නිමග්න වීම අපේක්ෂාවෙන් එතෙක් සිදු කරනු ලැබූ මෙහෙයුම් වලට සමගාමී වූ ගිණුම් කටයුතු අහවර කිරීමේ කටයුතුවල නිරත වන ලදී.

වසර, හිදී බොරැල්ල එලියට් පාරෙහි පිහිටි මුළුතැන්ගෙය හා බේකරිය වසා දැමීමට රජය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මුළුතැන්ගෙය හා බේකරිය වසා දමා එහි පැවති දේපළ පර්ක් ආයතනයට පවරා දෙමින් යළිදු තම මෙහෙවරෙන් කොටසක් අත්හැර දමන්නට දෙපාර්තමේන්තුවට සිදුවිය. 1943 සිට 2002 දක්වා විවිධ වූ අරමුණු හා මෙහෙවරයන් යටතේ ක‍්‍රියාත්මක වන්නට දෙපාර්තමේන්තුවට සිදුවී ඇති නමුදු පවත්නා තත්වයන් යටතේ සාර්ථක ගමනක යෙදෙන්නට දෙපාර්තමේන්තුව සමත්වී ඇත.මේ තත්වය තුළ හැසිරෙන්නට දෙපාර්තමේන්තුවට සිදුවූ නමුදු ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සහතික වීම ආහාර දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වී තිබිණි.එම අරමුණින් බැහැර වීම වළක්වාලනු පිණිස හා හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඉඩ ප‍්‍රස්ථාව සලසා දීමක් වශයෙන් බන්ධිත ගුදම්කරුවන් දිරිමත් කිරීමට 2002 වසර තුළ කටයුතු කර ඇත.

2004 වර්ෂයේදී උක්ත මෙහෙවරයන් ඉටු කිරීම සඳහා භාවිතා කරන ලද ආහාර බෙදාහැරීමේ වාණිජ අත්තිකාරම් ගිණුම ඈවර කිරීම සඳහා දෙනු ලැබූ උපදෙස් පරිදි අදාළ ගිණුම ඈවර කිරීමට දෙපාර්තමේන්තුවට සිදුවිය. එම කාර්යයයෙන් බැහැර වීමත්, රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව ආහාර බෙදාදීමේ රජයේ වැඩ සටහන් තවදුරටත් ක‍්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් යළිදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ක‍්‍රමානුකූලව අඩුවෙමින් පැවතුණු අතර අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩ බලන ආහාර කොමසාරිස් බවට පත්විය.2005 වර්ෂය ආරම්භයේදී නැවතත් රජය මගින් ආරම්භකරන ලද සහතික මිල ක‍්‍රමය යටතේ වී මිළදී ගැනීමෙන් පසු ඒවා සහල් බවට පරිවර්තනය කොට එම සහල් ආහාර දෙපාර්තමේන්තුවට අයත් ගබඩාවල රැුස්කිරීමේ කටයුතු පවත්වාගෙන යන්නට ආහාර දෙපාර්තමේන්තුවට සිදුවිය. මේ හේතුවෙන්, වසරේ, මැයි මස 25 දිනැති අමප/06/0901/218/025 දරණ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ඈවර කිරීමට තීරණය කරන ලද ආහාර දෙපාර්තමේන්තුවේ කටයුතු ආරක්ෂිත තොග පවත්වාගෙන යාමට පමණක් සීමාවිය.මෙම කටයුත්ත සාර්ථකව පවත්වාගෙන යාමේ ප‍්‍රතිඵලයක් වශයෙන්, අගොස්තු 11 දිනැති ටීඑම්සීසී/2008/18 අංක දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව නැවත ආහාර දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමට යොජනා වූ අතර, එය ක‍්‍රියාවට නැංවීම සඳහා කටයුතු කළ අතර, එය 2008 සැප්තැම්බර් මස 04 දිනැති හා අමප/08/342/016 යටතේ අමප/0/1481/342/016 අංක දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සම්මත වී ඇත.එයට සමගාමීව, 2009වර්ෂයේ මැද භාගය වන විට නව ආහාර කොමසාරිස්වරියක පත්කිරීමත් සමග යළිදු වතාවක් දෙපාර්තමේන්තුව රජයේ අරමුණු ඉටු කිරීමේ කාර්යාවලියේ එක් පුරුකක් බවට පරිවර්තනය වන්නට විය.ඒ අනුව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වඩාත් විධිමත්ව ක‍්‍රියාත්මකවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩා 146න් ගබඩා 123ක් හා ත‍්‍රිකුණාමළය ධාන්‍යගම චීන වරායේ පිහිටි නිවාස 366ක් ද ක‍්‍රියාකාරී මට්ටමින් රාජ්‍ය ආදායමට දායක කරලීමට දෙපාර්තමේන්තුව සමත් වූ අතර, මෙ.ටො.100, 000ක ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ගබඩා 23ක් ස්වකීය භාරයේ තබා ගැනීමට දෙපාර්තමේන්තුව සමත්විය.

2010 වසර ආරම්භ වන විට පැවති රජය විසින් හඳුන්වාදෙනු ලැබූ මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුකූලව දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් පොහොර සහනාධාරය ලබාදීමෙන් ද කෘෂිකාර්මික යටිතල පහසුකම් වර්ධනය කිරීම මගින් හා ගොවියන් දිරිමත් කිරීම තුළින් ද එක් අඟලකුදු නොහැර සියළු කුඹුරු වගා කිරීමට ගොවියන් පෙළඹීම හේතුවෙන් වාර්තාගත වී අස්වැන්නක් ලැබිණ. නමුත් සාධාරණ මිළක් මත තම වී අස්වැන්න අලෙවි කර ගැනීමට ඇතිවූ බාධා හේතුවෙන්, රජය විසින් වී මිළදී ගැනීම සඳහා පනවන ලද සහතික මිළ යටතේ, ජාතික ප‍්‍රතිපත්තියක් වශයෙන් වී අලෙවි මණ්ඩලය හරහා වී මිළදී ගැනීමට කටයුතු කළ අතර එම වී ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ ලබාදීමට ආහාර දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

2011 වසර ආරම්භයේදීම එම වී තොග වලින් නිෂ්පාදනය කරනු ලබන සහල් ආරක්ෂිත තොග, ආහාර දෙපාර්තමේන්තු ගබඩාවන්හි ගබඩා ගත කිරීමටත් කටයුතු කරන ලදී.ආරක්ෂිත තොග වශයෙන් තැන්පත් කරන ලද මෙකී සහල් තොග දිගු කාලයක් ගබඩා ගතකර තැබීමට සිදුවිම හේතුවෙන් එම ගබඩාවන්හි ඇතිවූ පලිබෝධ හානි අවම කර ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදිය යුතුවිය.මේ තුළින් ලත් අත්දැකීම් අනුව ආහාර ද්‍රව්‍ය සඳහා රසායනික භාවිතය ඒවායෙහි ගුණාත්මක තත්වය පහත හෙලීමට බලපාන බවත්, ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත්, අවම වශයෙන් හෝ ආසන්න වශයෙන් වර්ෂයක් තරම් වූ කාලයක් සහල් තොග රැස්කර තබා ගැනීම සඳහා පවත්නා ගබඩා හා භාවිත ක‍්‍රමවේදයන් නොගැලපෙන බව දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂණය කරනු ලැබිණි. ඒ සඳහා සුදුසු ගබඩා තත්වයන් හා ක‍්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයක යෙදෙන්නට මෙය විශාල පිටුවහලක් වූ අතර, දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව කරන ලද අධ්‍යයනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඒ සඳහා භාවිත කළ හැකි ගබඩා තත්ව 04ක් හා විද්‍යාත්මක ක‍්‍රමවේද කිහිපයක් පිළිබඳව හෙළිදරව් කර ගැනීමට හැකිවිය.ඒ අනුව ක‍්‍රියාත්මක වෙමින් 2012/2013 වර්ෂයන්හිදී එවන් ගබඩා ආදර්ශන 04 ඉඳිකර ඒ සඳහා භාවිත කළහැකි විද්‍යාත්මක ක‍්‍රමවේදයන් අනුගමනය කිරීම සඳහා වන ව්‍යාපෘති යෝජනාවක් සකස් කොට අදාළ පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කොට එම අදියරයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය හා අරමුදල් සම්පාදනය කරගැනීමට අවශ්‍ය පියවරයන් ගැනීමට 2011 වර්ෂය තුළදී දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

එහෙත් 2012 වසර සඳහා යෝජිත ව්‍යාපෘති ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවූ බැවින් ලද ප‍්‍රතිපාදනවල ප‍්‍රමුඛතාවය පදනම් කොට ගනිමින් කළමනාකරණය කරන්නට සිදුවිය.මේ නිසා යාන්ත‍්‍රික වායු සංසරණ හා ස්වාභාවික වායු සංසරණ ගබඩා ආදර්ශනය යන දෙකෙහි ඉදිකිරීම්ද, ඊට අදාල විද්‍යාත්මක උපකරණ පද්ධති ගොඩනැගීම හා එම පද්ධති පාලනය සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යාලයෙහි ඉදිකිරීම් ද අවසන් කරන ලදී.මේ අනුව මෙ.ටො.1000 ක් ගබඩා ගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අදාල ගබඩාව තුළ සහල් ගබඩා ගත කිරීමේ කටයුතු වසර තුළදීම ආරම්භ කිරීමට කටයුතු කරන ලද අතර එම අභියෝගයන් නිසි ලෙස කළමනාකරණය කර ගැනීම මත වසර සඳහා තිබූ සියළු ඉලක්ක සපුරා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.එයිනුදු නොනැවතී ඉදිරි වර්ෂයන්හිදී සහල් හා ධාන්‍ය වර්ගයන්ගෙන් බැහැර වූ දේශීය වගා ද්‍රව්‍ය අතරින් බී ළූනු හා අර්තාපල් ආරක්ෂිත තොග ගබඩා ගත කිරීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක ක‍්‍රමවේදයන් අනුගත කරන ලද ගබඩා ඉදිකිරීමට හා සහල් ගබඩා කිරීම සඳහා විද්‍යත්මක ක‍්‍රමවේදයන් අනුගත කරන ලද තවත් ගබඩා ඉදිකිරීමට ද දෙපාර්තමේන්තුව අපේක්ෂා කර ඇත.

මේ අනුව අවම පිරිවැයක් යටතේ දෙපාර්තමේන්තුව අපේක්ෂිත තත්වයන් සාධනය වන තත්වයට පවත්නා ගබඩා වැඩිදියුණු කිරීමටත්, ඒ තුලින් ආරක්ෂිත තොග පවත්වාගෙන යාම සාක්ෂාත් කරගැනීමත්, එම ඉලක්කය සපුරා ගනු වස්, කැපවීමෙන් යුතුව කටයුතු කිරීමත් දෙපාර්තමේන්තුවේ අනාගත අපේක්ෂාව වේ.

Presidential Secretariat
Prime Minister's Office
Department Of Government Information
icta
Ministry of Public Administration, Home Affairs, Provincial Councils and Local Government.